ජිවිතයට හුස්ම දුන් ඒ ගම

 








-ප්‍රියදර්ශනී - 

සරල සාමාන්‍ය ජිවිතයට හුස්ම දුන් ඒ ගම නමින් මාතර වෙහෙර හේන.මගේ තාත්තාගේ ගම.අපේ තාත්තාගේ මහගෙදර තිබුණේ පොඩි කන්දක් මුදුනේ .ගෙදර සෑහෙන්න පිරිසක් අතරෙන් බාලයා මම .තාත්තා නමින් පියදාස උනත් හැමෝම වගේ කතා කලේ" උක්කු ," හා බැදීව.උක්කු පුතා ,උක්කු මාමා ,උක්කු මල්ලි යනුවෙන් .ගෙදර මුලසුන අත්තම්මා .ඇය කෙදිනකවත් ආච්චි කියනවට නම් කැමති නොවීය .නැන්දල ලොකු තාත්තල අක්කලා අයියාලා එක්ක ලොකු පවුලක් අපේ ගෙදර සේම ගමේ අනික් ගෙවල් වලත් විශාල සාමාජික පිරිසක් විය .

අත්තම්මා නම් ඇන්දේ රෙදි හැට්ට්.අනෙක් අය ගවුම් සාය හැට්ට .ගැහැනු කලිසම් ඇන්දේ නැති අතර පොඩි උනත් මට අදින්න තිබ්බෙත් ගවුම් .කලිසම් ඇදිනා කතක් වේ නම්,අරුමයකි ,එක්කෝ සන්කර එකියක් කියවි නැතිනම් ඒරොප්පෙන් ආවෙකිය.

ගමේ ගොඩක් ගෙවල් මටියෙන් හදාපු පොලතු සෙවිලි කරපු ගෙවල්.හැමෝම අවුරුදු කලෙට කඩතොලු තැන් ගොම, මැටි ,අලු මිශ්‍ර කර පිලියම් කර සුදු හූනු, ලුනු ,රොබ්න් නිල් කුඩු පැකට්ටුවක් සමඟ බිත්තිය සායම් කරනවා .වහලය අලුතින් පොලාතු බදිනවා.එක එක් කලාවකි .පිරිසක් වහලය මතහිදී.බිම ඉන්නා පිරිස පොල් අතු දෙක බගින් දිග කොට ලෙස දෙනු ලැබේ.හොදින් පදම් කරපු ගොක් කොල වලිනි මෙ පොල් අතු පරාල හරහා ගැට ගසන්නේ.ඒ ගැටත් එකම වගේ කලවකි.වැස්ස කාලෙට පොලැතු දිගේ වැටෙන වතුර හරි ලස්සන රටාවක්.මම කැමතිම ඒ රටාවක් එක්ක වැස්සෙ නාන්න .අපේ ගෙදර වගෙම ගම්මු භාවිතා කල බේසම් එක්කෝ බෙලෙක්,නැතිනම්    පිත්තල .ප්ලාස්ටික් තිබුණේ නෑ.

වැස්ස දිනක නම් කෝපි .බෙලිමල් වරදින්නේ නෑ.බත් වේලපු අග්ගලා එක්ක කහට එකක් බොන ගමන් වැස්සෙ අපුරුව මන් විදලා තියෙනවා .

ගෙදර වටේ වත්ත පුරාම 🌳 ගස් කොලන්.කන්න බොන්න ඕනෑ හැමදේම පොඩ්ඩෙන් හරි තම තමගේ ඉඩමේ වගා කරනු  ලැබුවා ගම්මු සේරම .

පොල්  කඩන්න ගියාම ගස් සුද්දා කරලා පොල් කොලපු මටලු පොල් පිති දර මැස්සට .පොල් ටික ඔයලා.ගෙඩ් ටික කුස්සියට ලෙලි ගස් වටේටම අඩුක් කලා .අම්මා නම් හවසට පොල් ඉති ඉරලා ළිඳ ළග පෙගෙන්න දානවා .පහුවදා උදේට ඒව වියනවා.

හෙරලි.අත්තම්මා කියන්නේ හෙරලි ගහයි පොල් ගහයි තියෙනවා නම් මූදු මාළු තියෙනවා නම් බයවෙන්න කාරණයක් නෑ කියලා .හැමදාකම තම්බපු කොස් මුට්ටියක් තිබ්බා කුස්සියේ .ඉතිරි උනොත් අටු කොස් දාලා දුමේ අරන් තිබ්බා .ඔය දුමේ තිබ්බා වැව් කරවල ගොරකා තව අටුකොස්,බිලින් වේලලා වගේ කෑම ජාති.

කුස්සියේ තිබුණේ නෑ ප්ලාස්ටික් .හැලි වලන් සේරම මැටි.පිගන් මැටි වීදුරු වලිනි ,කළේ  වහන්න තිබුණේ පොල්කට්ටක්.මම කැමතිම ඒකෙන් වතුර බොන්න .

අපිට තිබුණේ ළිං .අම්මා එක්ක ඉතින් නාන්න ගියාම නාලා එන ගමන් අම්මා අමතක නොකළ දෙයක් කළේට වතුර එකක් ගේන්න .ඒක හරි ලස්සන දසුනක් ගවුමට උඩින් චීත්තය ඇදලා කළේ උකුලේ තියලා කන්ද නගිද්දි , ගැමි ළදක් මම දුටුවානම් පළමු වරට ඒ මගේ අම්මා .

ඒ වගේම තමයි මේ ගම්මාන ඈයොන්ට වෙනස්ම බස් වහරක් තිබුණා.ඔයැයිලට කියන්න මෙයැයි හින්නොන්ට සීනි ඩිංගක් දැම්මොත්,අත්තම්මා ආඩ්පාලි කියාවියි අම්මා කෑ ගොස්සන් දෙනවා.කොහෙද මෙයැයි අහාවිය කියන බහක්.අම්මා එක්ක නෝක්කාඩුවට අහකට වෙලා ඉද්දි අත්තම්මා විගහට ඇවිත් අහන්නෙ මොකො අමනාපෙන්‍ය .මා එක්කත් නොහොද නෝක්කාඩු වෙලයි.දැන් ඉතින් දොඩන් නැතෙයි.ඔන්න එහෙනම් මන් යනවා පිලිකන්නට පොල් ඔයන්ට.ඔහෙටත් ඕන් නම් එන්න ඇහැක්ක .කියලා යන්නට යන අත්තම්මා පිටි පස්සෙන් මාත් යන්නේ පැලපොල් පෙරේත කමට.

ගමේ ලමෝ පෙර පාසල් ගියේ පන්සලට .බෝ මලුවේ ඉදන් හා හාපුරා කියලා මාත් අකුරු ලීවේ වැලි මලුවේ.එහෙම ලියපු අකුරු එකතු කරලා මෙහෙම ලිවේ ඇත්තටම ගමේ සරල ජීවිතය ගැන බොහොම පොඩියක්.ඇහැක් වෙලාවක් ඔහෙලත් ගම් මැද්දේ දොහකට දෙහෙකට ගිහින් බලන්න කියලා කියන්නේ ඉතින් මම ....

Comments