කොරෝනා නිසා යාපනයේ සිර වූ ධීවරයෝ - ලක්මාල් කේ බදුගේ

හිරු අවරට යමින් තිබුණි බැස යන හිරුගේ රැස් යාපනය අර්ධද්විපයේ තල්ගස් හරහා මයිලඩි වරායේ ජල තලයට පතිත වෙමින් තිබුණි. ඈත මුහුදේ මසුන් අල්ලා අහවරවු යාත්රා වන් එකින් එක ගොඩබිමට එමින් සිටියෝය. මේ අතර ජලය දෙබෑ කරගෙන නිශාන්ත පැදවු ටකේෂි පුතා බහුදින යාත්රානව මයිලඩි වරායට සේන්දු වුයේය. බහුදින යාත්රා නියමුවෙකු වන ත්රිරකුණාමලය සුමේධගම පදිංචි ඩි. වි. නිශාන්ත ත්රිිකුණාමලයේ මාලු ව්යා පාරිකයකුට අයත් ටකේෂි පුතා යාත්රාචවෙන් මුහුදු ගොස් තිබුණි. උතුරු මුහුදේ මසුන් ඇල්ලු ටකේෂි පුතා යාත්රාපව මාර්තු මස මැද භාගයේ යාපනයේ මයිලඩි වරායට සේන්දු කලේ අල්ලා ගත් මසුන් විකුණා ගැනිමටත් යලි මසුන් ඇල්ලීමට අවැසි කළමණා යාත්රා වට පටවා ගැනිමටත් වුවමනාව තිබු හෙයිනි. නිශාන්තලා එතරම් ගණනකට නොගත් දෙයක් යාපනයේ සිදුවෙමින් තිබුණි. ඒ ආගමික කටයුත්තක් සදහා එක්වු දේවගැතිවරයෙකු හරහා යාපනයේ වැසියෙකුට කොරෝනා ආසාධනය විම හේතුවෙන් යාපනය කැළඹි තිබිමය. නිශාන්ත පැමිණි යාත්රාගව යලි දියත් කිරිමට පමාවන හෙයින් යාත්රාාවෙන් මුහුදු ආ පිරිස ඇතුළු ත්රිනකුණාමලයේ තවත් යාත්රාි දෙකක 15 ක පිරිසක් පසුදාම ගොඩබිමින් ත්රිිකුණාමලයට ගියෝය. ටකේෂි පුතා යාත්රානව බලා ගැනිමට අවැසි නිසා නිශාන්ත මයිලඩි වරායේ නැවතුන අතර බදුගේ යාත්රාාවේ හිමිකරු වන කේ. බි. පියදාසද සිය යාත්රා‍වෙන් ආ පිරිස ගොඩබිමින් පිටත් කර යවා යාපනයේ නැවති සිටියේය. මේ අතර කොරෝනා අසාධිතයා හමුවිම හේතුවෙන් එම ආගමික උත්සවයට එක්වු විශාල පිරිසක් නිරෝධායනයට ලක් කරමින් රජය උතුරට ඇදිරි නිතිය පැනවුයේ දිස්ත්රිරක්ක අතර ගමනා ගමනය පවා අවහිර කරමිනි. කොරෝනා වයිරසය ලොව බොහෝ රටවල් ගිලගනිමින් සිටියදි ‍එය පාලනය කිරිම සදහා මැදිහත්වු මෙරට රජය රට ලොක් ඩවුන් කිරිමේ ක්රිසයා වලියට අත ගැසුවේය. ඒ පිළිබදව වැඩි දැනුමක් නොමැතිව සිටි මෙරට ධිවරයන් බොහෝ පිරිසක් මසුන් ඇල්ලීමට ඈත මුහුදට ගොස් සිටියහ. ඇතැමෙක් සුපුරුදු පරිදි මසුන් බෑම සදහා උතුරේ හෝ දකුණේ පිහිටි ධිවර වරායන් වෙත සිය යාත්රාප රැගෙන ගොස් සිටියහ. මේ තත්වය තුල යාපනය අර්ධද්විපය ඇදිරි නිති රෙගුලාසි වලට අඛණ්ඩවම යටත් වුයේ ත්රිතකුණාමලයෙන් මුහුදු ගොස් යාපනයේ මයිලඩි ධිවර වරායට සිය යාත්රා වන් සේන්දු කල බදුගේ, සෙනෙති, සදෙව් පුතා හා ටකේෂි යන ධිවර යාත්රාමවන් හතරද වරාය තුලට කොටු කරවමිනි. යාත්රාුවන් තුලට සිරවු නිශාන්ත, පියදාස ඇතුළු 10 දෙනෙකු දින 15 ක් පුරාවට යාත්රාිවට වි උයා පිහාගෙන කෑවේය. කම්මැලිකමට ඇතැම් දිනවල රාත්රිායේ සින්දු කීවේය. මේ අතර ඇදිරි නිතිය ලිහිල් කල අවස්ථාවේ බදුගේ යාත්රාකවේ හිමිකරු මසුන් ඇල්ලිම සදහා යලි දියත් කිරිමට යාත්රාලව අවශ්යු කළමණාවලින් පුරවා දැමුවේය. යාපනයට හැර සෙසු දිස්ත්රි්ක්ක සදහා ඇදිරි නිතිය ලිහිල් කල අවස්ථාවේ ත්රිපකුණාමලයේ සිට බදුගේ යාත්රාිවට ගැනියන් කණ්ඩායමක් ගෙන්වා ගැනිමටද බදුගේ යාත්රාපවේ හිමිකරු වන පියදාස කටයුතු කලද එසේ පැමිණි පිරිස ඇදිරි නිති රෙගුලාසි යටතේ වව්නියාව මුරපලින් හරවා යැවිමට පොලිසිය කටයුතු කලේ පියදාසගේ බලාපොරොත්තු සියල්ල සුන් කරමිනි උතුරේ දිස්ත්රි ක්ක අතර ගමනා ගමනය නවතා දමන බව රජය දැනුම් දිම නිසාත් යාපනය අධි අවදානම් කලාපයක් බවට පත් කිරිම නිසාත් පියදාසට සිය යාත්රාුව මසුන් ඇල්ලීමට තබා ත්රිනකුණාමලයට ගෙන යාමට පවා නොහැකිව සිරවු අතර නිශාන්ත ටකේෂි පුතා යාත්රාරවේ සිරවුයේ ත්රිනකුණාමලයේ පිහිටි සිය නිවසට යාමට පවා ඉඩ නොලබමිනි. ඒ අතර කන්කසන්තුරේ පොලිසියට හා ‍පේදුරු තුඩුව පොලිසියටද තමන් මුහුණපා ඇති තත්වය කියා තමන්ට ත්රියකුණාමලයට යාමට ඇති අවශ්යපතාවද සැල කර සිටිමට නිශාන්ත කටයුතු කර තිබුණි. ඇදිරි නිතිය නිසා දින 15 ක් පුරා යාපනයේ මයිලඩි වරායේ සිරවි යාත්රාිවට වි උයාගෙන කමින් දවසින් දවස කල් මරමින් සිටින මේ පිරිසට දිනෙක සුබ ආරංචියක් අසන්නට ලැබෙන්නේය ඒ පැය 12 ක කාලයක් සදහා ධිවර කටයුතු සදහා පිටව යාමට රජය අවසර ලබා දෙන බව සැලවිමය. අවස්ථාවෙන් ප්රධයෝජන ගත් මේ පිරිස සිය යාත්රා වන්හි හිමිකරුවන්ට ඒ බව දන්වා දහසක් බලාපොරොත්තු දල්වා සිය ගම්රට බලා එන්නට සුදානම් වුයේය. බදුගේ යාත්රාොවේ හිමිකරු වන පියදාසයන්ටද මසුන් ඇල්ලීම සදහා පිටත් කිරිමට සුදානම් කර තිබු සිය යාත්රා්ව යාපනයෙන් එළියට ගැනිමේ අවශ්ය තාවයද තදින්ම තිබුණි මේ නිසා ත්රිාකුණාමලයට යාමට සිටි නිශාන්ත ඇතුළු සෙසු ධිවරයන්ද රැගෙන මයිලඩි වලින් පිටව ආවෝය. “බෝට්ටුව ත්රිවකුණාමලයට ගෙනියන්න ඕන ඒ වුණාට යන්න කට්ටිය හිටියෙ නැහැ. ඊට පස්සෙ මයිලඩි වල හිරවෙලා හිටිය ත්රි කුණාමලයට යන අනිත් ගැනියෝ එකතු කරන් නේවි එකට පාස් දාලා අපි පිටත් වුණා අපි එක්ක යාත්රාට පහක් ආවා දෙකක් පන්න කරන්න ගියා අනිත් තුන අපි එක්ක මලේ එන්න ආවා..” යැයි මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බදුගේ යාත්රාඑවේ හිමිකරු කියයි. පියදාසගේ ඉල්ලීමට බදුගේ යාත්රාාවට ගොඩවු නිශාන්ත ඇතුළු පිරිස දින 15 කට පසුව මයිලඩි වලින් පිටත්ව බලාපොරොත්තු රැසක් දල්වා ගනිමින් ත්රිතකුණාමලය බලා මුහුදින් ගමන් කරන්නේය. හිරු නැගෙමින් සිටින උදෑසනේය මේ වනවිට බදුගේ යාත්රා වේ නියමුවා ලෙස නිශාන්ත සුක්කානම හසුරුවමින් සිටින අතර යාපනයේ සිට ගමන් කරන යාත්රාාව චලෙයි පසුකර නැගෙනහිර මුහුදට ආසන්න වෙද්දි නිශාන්තගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබෙන්නේය. ඒ ඇමතුම ත්රිදකුණාමලයේ පොලිසියෙනි ඒ යාත්රාලව කුමන ඉසව්වක මේ වනවිට ගමන් කරමින් සිටින්නේ දැයි දැන ගැනිමේ අටියෙනි. තමන් ඇතුළු පිරිස මුලතිවු ආසන්න උතුරු මුහුදේ ගමන් කරමින් සිටින බැව් නිශාන්ත පොලිසියට කියා සිටියේය. ඒ තොරතුරද සමග උතුරු නාවික විධානයට අයත් නාවික මුර යාත්රායවක් නිසල රළ කපාගෙන බදුගේ යාත්රා ව ඇතුළු යාත්රාා පෙල වෙත ආවේය “වෙලාව උදේ 11 ත් 12 ත් අතර වගේ මතක විදිහට ගන් බෝට් එකක් ආවා පාස් ඉල්ලුවා ‍බෝට්ටු තුනේම පාස් චෙක් කලා ඊට පස්සේ මගේ පාස් එක එයාලා අර ගත්තා අපිට ඉන්න කිව්වා මොකක්ද කාරණාව කියලා දන්නෙ නැහැ කිව්වෙත් නැහැ. පස්සෙ තවත් ගන් බෝට් එකක් ආවා ඒක ආවේ නැගෙනහිර පැත්තෙන් ඒකට අපිව බාර දුන්නා ඊට පස්සේ එයාලා මග පෙන්වන විදිහට අපි ත්රිැකුණාමලය වරායට ආවා එන්න අමාරුයි අපේ බෝට්ටුව රස්සාවෙ යන්න පටවලා තිබුණේ ඒ නිසා හෙමින් හෙමින් පාන්දර එක විතර වෙනකම් ආවා අපිට කිව්වා මුහුණ රෙදි කෑල්ලකින් හරි ලේන්සුවකින් හරි වහගන්න කියලා කොරෝනා තියෙන නිසා කිව්වා පස්සෙයි දන්නෙ අපි යාපනයේ ඉදන් ආවා නේ යාපනයේ දවස් 15 ක් හිටපු නිසා අපිටත් ලෙඩේ ඇති කියලා තමයි නේවි එකෙන් අපිව මගින්ම අල්ලගෙන තියෙන්නෙ කියලා විෂබිජ නැතිවෙන්න බෝට්ටුවට බෙහෙත් ගැහුවා අපිටත් බෙහෙත් ගැහැව්වා දැන් ගෙදරට වෙලා ඉන්නවා. යාපනයෙන් ආවා බෝට්ටු තුනේ 10 දෙනාම ස්වයං නිරෝධායනය කරලා තියෙන්නේ පියදාස මාමාගේ බෝට්ටුව අයිස් පටවලා ඒක ගන්න විදිහක් නැහැ මේ කොරෝනා වසංගතය නිසා මුහුදු රස්සාවේ යන්නත් නැහැ දවස් 15 ක් යාපනයේ මයිලඩි වරායේ බෝට්ටුවේ හිරවුණා පොලිසියෙන් කිව්වා කොහෙවත් යන්න එපා දවස් 14 ක් ගෙදරම ඉන්න කියලා යාපනයෙන් ආවේ ගමේ රටේ ඇවිදින්න හම්බවෙයි කියලා දැන් දවස් 14 ක් ගෙදරටම හිරවෙලා යැයි හිස් අහස දෙස බැල්මක් හෙලා ගෙන පොල්ගසට පිටදි සිටින නිශාන්ත නිරුවත් උඩුකයේ වම්බාහුවේ ගසා ඇති පච්චය අත ගාමින් කියන්නේය. ලක්මාල් කේ. බදුගේ - 2020. 03. 31 ඡායාරූප 01 බහුදින යාත්රාද වරායේ නවතා ඇති අයුරු 02 යාපනයේ සිට ත්රිගකුණාමලයට ගෙන ආ බහුදින යාත්රා තුන නවතා ඇති අයුරු

Comments