හිතේ ගිනි උහුලන උන්ගෙන් ඇසනු කතා_01


එක් ගැමි කුමාරියකගේ කතාවක් 

- විමුක්ති ද සිල්වා -




මේ දවස් වල කොවිඩ් නිසා කතන්දර  ගොඩයි.මේ හැම කතාවක් ඇතුලෙම ගැහැනු  කතාවක් තියෙනවා.


මේ අස්සේ අපි හැමදාම කතා කරන  ග්‍රාමීය  ප්‍රදේශ  වල ක්ෂුද්‍ර  මුල්‍ය  ණය ගත්ත ගැහැනුන් හැමදාම  පිච්චි  පිච්චි ජිවත් වෙනවා.ඒ  අස්සේ දිවි නහගත්ත, ලමයි එක්ක  තනිවෙච්ච,ණය ගෙවා ගන්න බැරිව ඇග විකුනන්න  උනු ගැහැනු,ගෙවල් දොරවල් දාලා ගිය ගැහැනු බොහොමයයි.


මේ වෙනකොට කාන්තාවෝ ලක්ශ  24ක් මේ ණය උගුලේ පැටලිලා  .එලියෙන් ඉන්න උන් කියන්නෙම ණය ගත්තනම් ගෙවන්න ඔනේ කියලා.නමුත් ගෙවන්නේ කොහොමද  ? ණය උනේ ඇයි?   ණය  දෙන්නේ කව්ද කියලා කවුරුත්  දන්නේ නැහැ.රජයට ඒක අදාල නැහැ.ගමේ ගැහුනු ට ණය නැතුව ජිවත් වෙන්න පුලුවන්  ක්‍රමයක් නැහැ.


අපිට වැලිඔයදී ඇහුනු කතාවක් තමයි අද කියන්නේ


ඇය කුමරි කියමුකෝ .බොහොම  හොදට හිටියා ඇය ඇගේ සැමියයි ලමයි දෙන්නයි එක්ක.වේලක් නොකා වේලක් කාලා හරි.නමුත් ණය කොම්පැනියක් කිව්වා ඔහොම ඉන්න එකේ ණයක් අරන් ගොවිතැනක් කරන්න කියලා .ගොවිතැනට ගත් ණය එක්ක ගොවිතැන් කරාට නියගෙට අහුවෙලා ගොවිතැන් පාලු වෙලා.කොම්පැනිය සතියට සැරයක් ගෙදරට එනවා ණය එකතු කරන්න.කොහෙන් සල්ලි දෙන්නද ? කුමාරි ගේ  සැමියා අහනවා .මම හම්බකරන ඒවා තෝ මොකද කරන්නේ කියලා .මේ ණය ගෙවලා ඉවර කරන්න බැහැ.ඒ තරම් ලොකු පොලියක් .කුමාරි දන්නේ සතියට දෙන ගාන විතරයි. ඉංග්‍රීසියෙන් තියෙන කොලේකට අත්සන් කරලා ණය ගත්ත නිසා  කුමාරි ඕවා දන්නේ නැහැ.ගෙදර අඩදබර ගොඩක් දැන් .කුමරිගේ මනුස්සයා  "තෝ ඔනේ එකක් කර ගනින්" කියලා ඔක්කොම දලා යනවා.මොකද  මේ කොම්පැනි ණය දෙන්නේ ගැහුනුන්ට .අපේ සමාජේ ඇතුලේ අපි බයයි ලැජ්ජාවට පත් වෙන්න.එක නිසා ගැහැනු  නොකා නොබී හරි ණය වාරිකේ දාන්නයි දගලන්නේ.මේ ණය නිසා මිනිහත් දලා ගියාට පස්සේ ලමයිට කන්න දෙන්නයි ණය ගෙවන්නයි .කුමාරිට සිද්ධ වෙනවා .එකිට කියලා තියෙන ඒකිගේ ඇග  විකුනන්න .ගමේ මිනිස්සුන්ට  ඒකට කේන්ති .උන් කුමාරිව ගමෙන් එලවනවා.කුමාරිගේ දුව මේ වෙනකොට  කැබිතිගොල්ලෑව  පරිවාසෙට  භාරදිලා .පුතාව මහණ  කරලා පිරිවෙනක.මේ එක කතාවක් විතරයි .


තවත් කතන්දර  බොහොමයක්  තියෙනවා.ගැහැනුට හිංසනයෙන් තොරව ජිවත් වෙන්න තියෙන අයිතිය  තහවුරු  විය යුතුයි.


විශේෂයෙන්ම  කොවිඩ් වසංගතය  අස්සේ ගැහැනු  වඩාත් හිංසනයට ලක් වෙලා .එයට විරුද්ධ  විය යුතුයි.


#TimeToTransform 

#WomenInTheStruggle #StopViolenceAgainstWomen

Comments