අංගිර ඇල්ල

- කවිඳු -

ගාල්ල නෙලුව තවලම කියන ප්‍රදේශයේ තේවත්තක කෙළවර අංගිර ඇල්ල කියල ලස්සන පුංචි වතුර පාරක් තියෙනව ස්වභාවික නාන තටාකයක් එක්ක. උඩුගම හිනිදුම ප්‍රධාන මාර්ගයේ බටහේන මං සංධියෙන් හැරී කිලෝමීටර 4ක් පමණ ගමන් කරල මේ තේ වත්තට ළඟා වෙන්න පුලුවන්. පහතරට තෙත් කලාපයට අයත් පාරිසරික ලක්ෂන මැනවින් පෙන්නුම් කරන මේම ප්‍රදේශය ස්වභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක්. පහැදිලි හා පිරිසිඳු ජලය පිරී තිබෙන මෙම තටාක මධ්‍යයේ ගැඹුර අඩි 6ක් පමන වේ. තටාකය අවට තිබෙන පුස් වැල් හා රූස්ස ගස් රැස නිසා තටාකයේ ජලය ඉතාමත් සිසිල්ව පවතිනවා... වැසි දින වලදි නම් තටාකයේ සහ දිය පහරේ ජල ප්‍රමාණය මීට වඩා වැඩි වෙයි. මම ගියපු තැන් වලින් ලස්සන නිදහස් තැනැක්.


Comments