තල් ගස

- ප්‍රියදර්ශිනි -

තාල වර්ගයේ ගසක් වන තල් ගස පොල් ගස මෙන්ම ගැමි ජීවිතය සමඟ බැදී ඇත්තෙමු.තල් ඇටය පැල වෙන්න හැර ඒ කුඩා කලදී ගලවන ලද අල තම්බා ආහාරයට ගනු ලබන අතරෙ අල තම්බා අව්වේ වෙලා ගන්නා පසුවද ආහාරයට ගනු ලබයි.මෙම ආහාරය ඉතා රසවත් අතරම තල් පිටි සකසා ගනිමින් පිට්ටු ,තලප වැනි ආහාර සකස් කරගනු ලබයි .තල් පැල සමයේදී එම තල් කොල ආහාර බෙදා ගැනීමට උපයෝගි වේ.කෙසෙල් කොලය බදුව.
තල් ගෙඩියේ ලපට් කාලය "නො0ගු "ලෙස හදුන්වන අතර එය ඉතාමත් රසවත් ආහාර පානයකි.උණුසුම් කාලයේ මෙය බහුලව ආහාරයට ගනී තැඹ්ලි ,කුරුම්බා මෙන්ම ,තවද,උණුසුම් කාලයේ ශාරීරික සිසිල් බව පවත්වා ගැනීමට මෙම ගෙඩියේ ලොද ශාරීරයේ අලේප කරනු ලැබේ .එසේ කර ඉවත ලන කෝම්බ දෙකක් යොදා ගෙන පොඩි පැටවු සෙල්ලම් කරත්ත සාදා ගනු ලැබේ . අනතුරුව මෙම තල් ගසේ තල් ගෙඩිය මෝරා ඉදුණු පසුව ,එමගින් තල් කැවුම් ,තල් කිරි කැද මෙන්ම අතිරික්තය තල් පිනාටු සාදා ගනු ලබනවා .තල් පිනටු යනු තල් ගෙඩිය පිරිසිදු පැදුරක ආලේප කොට අව්වෙන් වේලා ආහාරයට සකස් කරීමකි.
මීට අමතරව තල් රා තල් විනාකිරි තල් ගස ආශ්‍රිත තවත් නිශ්පාදන කිහිපයක් .තල් කොලයක දෙපස තියුණු කියත් මෙනි.මෙය උපයෝගී කර ගනිමින් නිවෙස් ආශ්‍රිත වැට සෑදීමට පිත්ත සහිත තල් කොල යොදා ගනු ලැබේ .
දේශීය වශයෙන් ඉතා ඉහළ ඉල්ලුමක් ඇති තල් කොල භාණ්ඩ නිර්මාණය කිරීමට යොදා ගනු ලබන්නෙ තල් ගොබයයි.මෙය පරිස්සමෙන් දිග හැර වේලා සායම් කර විවිධ වියමන් තුලින් පැදුරු ,කූඩ ,වට්ට්,පෙට්ට්,ඇතුළු විසිතුරු දේ නිර්මාණය කරන්න ග්‍රාමීය ගෘහණිය සමත්.
නිවාස වල වහලය සැකසීම සදහා තල් ගස ඉරා පරාල සකසා ගන්නා අතරෙ තල් ගසෙහිද පොල් ගස මෙන්ම ඉවත දැමීමට කිසිවක් නොමැත .මෙවැනි වට්නා ශාක සදහා නිසි වටිනාකමක් ලැබී ඇද්ද යන්න ගැටලුවකි ....



Comments

Post a Comment